Tuesday, March 10, 2020

Good newzz 2019

ගැබ් ගන්න එක,
දරුවෙක්ව දරාගෙන ඉන්න එක මහ දේවල්ද?

පොඩ්ඩක් කරදර වෙන්න වෙනවා විතරයි...
පොඩි පොඩි ප්‍රශ්න, නාද්දී කොන්ඩේ යනවා,
බිබිලි එනවා,තුවාල එනවා,
ඉන්ජෙක්ෂන් දාහක් ගහනවා.

හිනාවෙද්දි අඬද්දී චූ යනවා,
මොකද බබාගේ බර නිසා මුත්‍රාශයට දරාගන්න බෑ..

උණ, හෙම්බිරිස්සාව, කැස්ස.
මොන දේ උනත් බෙහෙත් ගන්න බෑ,
බබාට හොඳ නැති නිසා...

ඒත්,ඒවා මහ දේවල්යැ?
තමන් කැමති ඇඳුමක් අඳින්න බෑ,
මුකුත් ෆිට් වෙන්නැති නිසා.

කැමති කෑමක් කන්න බෑ,
අවසර නැති නිසා.
ආතතියයි, හැගීම් වෙනස් වීමයි
කටපියන් දරාගෙන ඉන්නවා...

...අනිත් අයගේ මූඩ් සවුත්තු නොවෙන්න.
ඇඟේ මුළු පද්ධතියම අම්මා කෙනෙක්
මේ මාස 9ට කැප කරනවා..

ප්‍රසූත කරද්දී වේදනාවක් දැනෙනවා...
ඒක ගැහැනියට හිතාගන්නවත් බැරි දෙයක්...

ඒත් හැමදේම ඔවුන් හිනාවකින් දරාගන්නවා...
මොකද ඇය දන්නවා...
...පලවෙනි සැරේට දරුවව දකිද්දී...
...ඒ හැමදේකම වටිනාකමක් තියෙනවා කියලා.
ඒත් මේ ගැබ්බර කාලෙදි ඇතුලේ
පිරිමියාගෙන් මොකක්ද තියෙන දායකත්වය?

මෙච්චරයි,
"ආහ්හ් බබා, මට ගියා."

මේ කොහොම සුබාරංචියක්ද .....Good newwz.


2019 ‧ Drama/Comedy-drama ‧ 2h 12m
92% liked this film Google users
https://usersdrive.com/u4m3fmdxqgf3.html

No comments:

Post a Comment