Thursday, January 2, 2020

Swamp Thing Season 1

Swamp Thing Season 1 Complete Blue ray 

DC යුනිවර්ස් එකෙන් අපවෙත ලැබෙන තුන්වන රූපවාහිනී කතාමාලාව තමයි අද මේ සිංහල උපසිරැසි සමඟ ඔබට ලබා දෙන්නේ.  මීට පෙර Titans සහ Doom Patrol කතාමාල දෙක හැමෝම බලන්න ඇති.  ඩූම් පැට්‍රොල් කතා මාලාවේ අවසානයත් සමඟ ඒ හිඩැස පුරවන්න අපවෙතට ලැබෙන ස්වැම්ප් තින්ග් කියන්නේ ටිකක් හොරර් ගතිය මිශ්‍ර වූ කතාවක් කියල ඔයාල පූර්ව ප්‍රචාරකපට හරහා දැනුවත් වෙන්න ඇති.

ඇත්තටම මේ නම මුලින්ම අහන්න ලැබෙන්නේ 1971 ජුලි මාසයේ පළවූ House of Secrets #92 නම් වූ කොමික් පොත හරහායි. මේ චරිතය නිර්මාණය වෙන්නේ Len Wein සහ Bernie Wrightson නම් රචකයා සහ චිත්‍රකතා නිර්මාණ ශිල්පින් දෙදෙනා අතින්.

පොත පතේ තිබෙන විදිහට පරීක්ෂණාගාරය සමඟම ඇලෙක් සහ ඔහුගේ බිරිඳ මරා දැමීමට පරීක්ෂණාගාරය තුලම බෝම්බයක් අටවනවා එක්තරා අපරාධ කල්ලියක් විසින්. මේ බෝම්බ පිපිරීමත් සමඟින් ඇලෙක් ඔහුගේ දැවෙන සිරුරත් සමඟ අර ඖෂධය වගුරු බිමට එකතු වනවාත් සමඟින් වගුරු බිමට පනිනවා. ඒ සමඟින් මේ  වගුරු බිමේ ඇති ශාක වලට සහ ඇලෙක්ගේ සිරුරට ඖෂධයේ බලපෑම නිසා අමුතුරු කෙනෙක් නිර්මාණය වෙනවා. ඒ තමයි ස්වැම්ප් තින්ග් කියන්නේ. මේ චරිතයට තියෙන්නේ ඇලෙක්ගේ මතකය. මේ චරිතයට තියෙනවා ලෝකයේ ඕනෙම ශාකයක් පාලනය කිරීමේ හැකියාව. ඒවා හරහා තොරතුරු ගැනීමේ හැකියාව, දැඩි ශක්තියක්ද පවතිනවා. ඒ වගේම ස්වැම්ප් තින්ග් කියන්නේ එක්තරා විදිහකින් බැලුවොත් ආත්මයක් වගේ දෙයක්. ඔහුගේ වර්තමාන ශාකමය සිරුර මරා දැමුවත් නැවත වෙනස් හෝ ඊට සමාන සිරුරක් නිර්මාණය කරගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මරන්න බැරි චරිතයක් කිව්වොත් වඩා නිවැරදියි.  ඒ වගේම ශාක කිව්වම ඊට සම්බන්ධ සෑම දෙයකම පාලනය ඔහු සතුයි. ඇල්ගී වර්ග දිලීර වර්ග වගේ දේවල් වල පාලනයත් ඔහුට තිබෙනවා. ඇත්තෙන්ම ස්වභාව ධර්මය පාලනය කිරීමට පුළුවන් චරිතයක් තමයි ස්වැම්ප් තින්ග් කියන්නේ.

Tv Series direct download by Google Drive

 

 Rating: 9.7/10. From 79 votes.

For Download Click the  💗 Heart

  • File format - Blue ray

 

  • Swamp Thing (2019-) [S01: E01] - 💗
  • Swamp Thing (2019-) [S01: E02] - 💗
  • Swamp Thing (2019-) [S01: E03] - 💗
  • Swamp Thing (2019-) [S01: E04] - 💗
  • Swamp Thing (2019-) [S01: E05] - 💗
  • Swamp Thing (2019-) [S01: E06] - 💗
  • Swamp Thing (2019-) [S01: E07] - 💗
  • Swamp Thing (2019-) [S01: E08] - 💗
  • Swamp Thing (2019-) [S01: E09] - 💗
  • Swamp Thing (2019-) [S01: E010] - 💗         

No comments:

Post a Comment